නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය අනවශ්‍ය භීතියක් ඇති කරන බවට චීන රජය චෝදනා කර තිබේ.
එක්සත් ජනපදය පසුගිය සිකුරාදා මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින්, පසුගිය සති දෙක තුළ චීනයට ගිය විදේශිකයන්ට ඇමෙරිකාව වෙත ඇතුළුවීම තහනම් කරන බව නිවේදනය කිරීමත් සමග චීනය මෙම චෝදනාව එල්ල කර ඇත.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුආ චුනින්ග් පැවසුවේ එක්සත් ජනපදයේ මෙම ක්‍රියාමාර්ග තුළින් අනවශ්‍ය භීතියක් ඇති කිරීමට හා පැතිරවීමට පමණක් උපකාරී විය හැකි බවයි.
නව කොරෝනා වෛරසය ආසාදිතයන් 17,000කට වැඩි පිරිසක් මේ වනවිට තහවුරු වී තිබේ.
“ශක්තිමත් වසංගත වැළැක්වීමේ හැකියාවන් ඇති එක්සත් ජනපදය වැනි සංවර්ධිත රටවල් පවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට පටහැනිව දැඩි සීමාවන් පැනවීමට යොමුව තිබෙනවා” යැයි රොයිටර් වාර්තාවකට අනුව ඇය පැවසුවාය.
එක්සත් ජනපද තහනමෙන් පසුව ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් චීන සංචාරකයන්ට තම රටට ඇතුළුවීමේ තහනමක් පැනවීය.