පෝලන්තය කොවිඩ්-19 වෛරසය සඳහා එන්නතක් නිපදවීමට සම්බන්ධ කරගැනීම සාදරයෙන් පිළිගන්නා බවත්, කිසිවෙකුත් සිතනවාට වඩා ඉක්මනින් එන්නතක් පිළිබඳ ලස්සන 'සප්‍රයිස්' එකක් ලබාදෙන බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇමෙරිකානු නායකයාගේ ආරාධනයෙන් කොරෝනා වසංගතය උච්චතම අවස්ථාවේදී එරට සංචාරය කරන ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස පෝලන්ත ජනපති ඇන්ඩ්‍රෙජ් දුඩා සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් මෙම අදහස් පළ කළේය.
"ඇත්තටම අපි පෝලන්තයට සම්බන්ධ වන්නේ පෝලන්ත ජනතාවට උදව් කිරීමට සහ ඔවුන් රැකබලා ගැනීමටයි." ට්‍රම්ප් සඳහන් කළේය.
එන්නත් හා චිකිත්සාවෙහි ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින්, "මම හිතන්නේ ඔබ කිසිවෙකු සිතනවාට වඩා ඉක්මනින් විශාල 'සප්‍රයිස්' එකක්, ලස්සන 'සප්‍රයිස්' එකක් ඔබට ලැබේවි" යැයි ට්‍රම්ප් කියා සිටියේය.
කෙසේ වෙත් ඔහුගේ සාමාන්‍ය වාග් විලාශය මෙන්ම මෙහිදීද නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමක් හෝ සාක්ෂි සැපයීමක් සිදු නොකළේය.
මේ අලුත් 'සර්ප්‍රයිස්' එකද, වසංගතය ආරම්භක අවධියේදී වසංගතය ජයගත හැකි සුවිශේෂී ප්‍රතිකාරයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මැලේරියා ඖෂධය ඔහු විසින් හඳුන්වාදීම ආකාරයේම තවත් විහිළුසහගත 'සප්‍රයිස්' එකක් වනු ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුද හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන්වලටත් වඩා හොඳ 'සප්‍රයිස්' එකක් ඒ කාලයේදී ලබාදෙනු ලැබීය.