නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (09) දිනය අවසන් වනවිට 910 දක්වා ඉහළ ගොස් තිබුණත්, සුවය ලැබූවන් සංඛ්‍යාවද 3,281ක් දක්වා වර්ධනයක් දක්නට ලැබේ.
චීනයේ සෞඛ්‍ය කොමිසම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව චීනයේ පමණක් 40,000 ඉක්මවමින්, එය සමස්තයක් ලෙස ලොව පුරා 40,500ක් දක්වා අගයක් ගන්නා බවයි.
ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් මරණ 97ක් වාර්තා වන බවත්, වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 3,000ක් ඉක්මවමින් වාර්තා වන බව පෙන්වා දෙන ඔවුන්, කෙසේ වෙතත් ඊයේ දිනය තුළ සුවය ලැබූවන්ගේ ප්‍රමාණයද 632ක් ලෙස වාර්තා වන බව අවධාරණය කරයි.
චීනයේ හුබෙයි පළාතේ, වුහාන් නගරය කේන්ද්‍ර කරමින් පැතිරී ගිය මෙම මාරාන්තික වෛරසය හේතුවෙන් ලොව පුරා රෝගයේ ශීඝ්‍ර පැතිරීමක් දක්නට නොලැබීමද විශේෂත්වයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සඳහා චීනය ගනු ලබන ක්‍රියාමාර්ග විශිෂ්ට බව පවසා ඇත්තේද එබැවිනි. කෙසේ වෙතත්, හොංකොං හා පිලිපීනය තුළ පමණක් මරණ දෙකක් වාර්තා විය. ඔවුන්ද චීනයේ සංචාරය කර පැමිණි පුද්ගලයන් බව හඳුනා ගෙන තිබුණි.