නව කොරෝනා වෛරසය ආසාදිතව සිටින හිටපු ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව ඉන්දීය මාධ්‍ය පවසයි.
84 හැවිරිදි මුකර්ජි නවදිල්ලියේ යුද හමුදා රෝහලේ වෙන්ටිලේටර්ස් ආධාරයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, මොළයේ රුධිර කැටි ගැසීමක් හේතුවෙන් පසුගිය සඳුදා ඔහු රෝහල්ගත කෙරිණි.
එහිදී මුකර්ජි එදිනම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රෝහලට පැමිණීමෙන් පසු තමාට කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ බවත්, තමන් සමග සම්බන්ධ වූ අයට ස්වයං හුදෙකලා වන ලෙසත්ය.
මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,329,638ක් පමණ වන අතර, වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 46,091කි.