කොරෝනා ආසාදන වැඩි වී වියට්නාමයේ සීමා දැඩි වෙයි


වියට්නාමයේ කොවිඩ්-19 ආසාදන ඉහළ යෑම හේතුවෙන් සිය ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන හෝ චි මිං නගරයේ සහ එහි දකුණ කලාපය පුරා පිහිටි තවත් නගර 18ක් සහ පළාත් 18ක් හෙට (01දා) සිට වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දැඩි සීමා පනවන බව රජය පවසයි.

වසංගතයේ රැලි කිහිපයකදීම වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර සිටි වියට්නාමය, මෙම අවස්ථාවේදී රට පුරා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අවදානමකට ලක්ව සිටියි. මේ නිසා රටේ තුනෙන් එකක් පමණ සංචරණ සීමාවන්ට මුහුණ දෙන අතර, මේ වනවිට රටේ සමස්ත ආසාදන 145,000ක් සහ මරණ 1,306ක් ලියාපදිංචි කර ඇත්තේ, එයින් 85%ක්ම පසුගිය මාසය තුළ වාර්තා වූ සිද්ධීන් ලෙසිනි.

හෝ චි මිං නගරයේ සහ අනෙකුත් ස්ථානවල බලධාරීන්ට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් සිටින තැනම රැඳී සිටිමින් කටයුතු කරන ලෙසය.

ගිනිකොනදිග ආසියානු රට තුළ අද (31දා) දිනයේ නව ආසාදන 8,624ක් වාර්තා විය.



Recommended Articles