කොරෝනා ආසදන ඉහළට චීනයේ රෝහල් පිරී යමින්


නව කොවිඩ්-19 රැල්ලක් රට තුළට එල්ල වීම පිළිබඳ කනස්සල්ල මධ්‍යයේ චීනයේ රෝහල් පිරී යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.

එම සංවිධානයේ වෛද්‍ය මයිකල් රයන් පවසන්නේ දැඩි සත්කාර ඒකක (ICU) කාර්යබහුල බව නිලධාරීන් පැවසුවද සංඛ්‍යාව තවමත් සාපේක්ෂ වශයෙන් අඩු බවයි.

චීන සංඛ්‍යාලේඛනවලට අනුව බදාදා කිසිවෙකු කොවිඩ්-19 ආසාදිතව මිය ගොස් නැතත් රෝගයේ සැබෑ බලපෑම පිළිබඳව තවමත් පවතින්නේ සැකයකි.

2020 සිට, චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දැඩි සෞඛ්‍ය සීමාවන් පනවා තිබුණද, දැඩි පාලනයන්ට එරෙහි විරෝධතාවලින් පසුව රජය සති දෙකකට පෙර එම ක්‍රියාමාර්ග බොහොමයක් අවසන් කළේය.

එතැන් සිට රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි වැඩිහිටියන් අතර ඉහළ මරණ අනුපාතයක් පිළිබඳ බිය මතු කර තිබේ.



Recommended Articles