කොරියානු පොප් සංගීතයෙන් බ්‍රිතාන්‍යයන් අමන්දානන්දයට


සුප්‍රකට පොප් සංගීත කණ්ඩායමක් වන BTS, එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයේදී ප්‍රධාන මාතෘකාව බවට පත් ප්‍රථම දකුණු කොරියානු සංගීත කණ්ඩායම බවට පත්ව තිබේ.

සෙනසුරාදා පැවති මෙම සංගීත ප්‍රසංගයේදී ඔවුන්ගේ ජනප්‍රිය ගීත 24ක් සමග මෙම ප්‍රසංගයට පැමිණි 60,000කට අධික ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කිරීමට ඔවුන් සමත්ව ඇත.

මෙම ප්‍රසංගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් පවසා තිබුණේ, මහා බ්‍රිතාන්‍ය ඔවුන් ඉදිරියේ වූ දැවැන්ත පවුරක් ලෙස පෙනුණත්, පසුගිය රාත්‍රියේදී එම පවුර බිඳ හෙළීමට ඔවුන් සමත් වූ බවයි.

මෙම ප්‍රසංගය සඳහා වෙම්බ්ලි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරීගොස් ඇති අතර, එහි ප්‍රවේශපත් කලින්ම අලෙවි වී තිබුණු බව කියැවෙයි.



Recommended Articles