උතුරු කොරියාව විසින් සිදුකරන ලද අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීමට ප්රතිචාර වශයෙන් දකුණු කොරියානු හමුදාව ගොඩබිම්, මුහුදු සහ ගුවන් වේදිකාවල සිට මිසයිල අත්හදා බැලූ බව යොන්හැප් පුවත් ඒජන්සිය පවසයි.
දකුණු කොරියාව ප්රතිචාර වශයෙන් සිදුකර ඇති ඒකාබද්ධ මිසයිල පරීක්ෂණයට දේශීයව නිෂ්පාදිත Hyunmoo-II ගොඩබිම සිට ගොඩබිමට විදින මිසයිලයක්, එක්සත් ජනපදයේ නිෂ්පාදිත MGM-140 ATACMS ගොඩබිම සිට ගොඩබිමට විදින මිසයිලයක්, Haesong-II නෞකාවෙන් දියත් කළ කෲස් මිසයිලයක් සහ JDAM ගුවන් මිසයිල දෙකක් ඇතුළත් වී තිබේ.
මෙම දියත් කිරීම් උතුරු කොරියානු මිසයිල දියත් කිරීමේ ස්ථාන සහ පාලන පහසුකම් සඳහා දකුණු කොරියානු ප්රහාර එල්ල කිරීමේ හැකියාව සහ සූදානම තහවුරු කිරීම සඳහා වූවක් බව කියැවෙයි.