කොමියුනිස්ට් පාලනයේ 70 වසක චීන සැමරුම් සමග අතීතාවර්ජනය


චීනයේ අසාමාන්‍ය වර්ධනය 20 වැනි සියවසේ අර්ථකථන කතාවක් වුවද, එහි 70 වැනි සංවත්සරය සනිටුහන් කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ අතීතාවර්ජනයක යෙදෙන්නෙකු බීබීසියට සිය හඬ නංවන්නේ මෙසේය.

චීනයේ ටියැන්ජින් හි සිය මේසය මත වාඩිවී සිටින ෂාඕ ජින්ජියාගේ පිහි තලය සොයා යන්නේ කඩදාසි කොළයක ඇඳි මුහුණක රේඛාවන්ය.

ඒ සියුම් කප්පාදුව කපමින්, එහි මිනිස් රුව මතු කරද්දී ඉන් මතුව පැමිණියේ චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ රුවයි.

ඉන්ධන ක්ෂේත්‍රයේ විශ්‍රාමික ඉංජිනේරුවරයෙකු වන ඔහු, චීනයේ කොමියුනිස්ට් ඉතිහාසයේ නායකයින් හා සිදුවීම් උත්කර්ෂයට නැංවීම සඳහා පුරාණ කඩදාසි කැපීමේ කලාව භාවිත කරමින් සිය කාලය ගත කරයි.

"මට මහජන චීන සමූහාණ්ඩුවට සමාන වයසක්," ඔහු පවසයි.  "මගේ මාතෘ භූමිය, මගේ ජනතාව සහ මගේ පක්ෂය ගැන මට ගැඹුරු හැඟීමක් ඇති කර තිබෙනවා."

1949 ඔක්තෝබර් 1 වැනි දිනට දින කිහිපයකට පෙර ඔහු උපත ලබා තිබුණි. ඒ මාඕ විසින් මහජන චීන සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කළ දිනයයි. සාඕගේ ජීවිතයත් බොහෝ චීන ජාතිකයන් මුහුණදුන් දරිද්‍රතාවය, මර්දනය සහ සමෘද්ධිය කරා නැංවීම සඳහා චීන සංවර්ධනයේ නාටකාකාර සමෝච්ඡයන් අනුගමනය කර ඇත.

දැන්, ඔහුගේ නිහතමානී නමුත් සුවපහසු මහල් නිවාසයේ, ඔහුගේ කලාව මිනිස් ඉතිහාසයේ ඉතාම කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන බව ඔහු කියයි.



Recommended Articles