මැලේසියාවේ ඉස්ලාම් දේවස්ථානයක් ඉදිරිපිට කාන්තාවන් දෙදෙනෙකු නර්තනයේ යෙදෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වීමත් සමග එම කලාපය සංචාරකයන්ට වසා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
කොට කලිසම්වලින් සැරසුණු තරුණියන් දෙදෙනෙකු දේවස්ථානය ඉදිරිපිට වූ තාප්පයකට නැග නර්තනයේ යෙදෙන අතරතුර ඔවුන්ගේ තවත් යෙහෙළියක විසින් එය රූගත කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.
මැලේසියාවේ බොර්නිඕ දූපතේ වූ කොටා කිනාබාලු ඉස්ලාමීය දේවස්ථානයේ ඉදිරිපිට මෙය සිදුව ඇත.
බලධාරීන් මෙම කාන්තාවන් දෙදෙනා හඳුනාගැනීමට උත්සාහ කර තිබුණත්, ඔවුන් නැගෙනහිර ආසියානු රටකින් පැමිණි විදෙස් සංචාරකයන් දෙදෙනෙකු විය හැකි බව පසුව අනාවරණය කරගෙන තිබුණි.
කෙසේ වෙතත්, මෙම වීඩියෝව ෆේස්බුක් හරහා ලක්ෂ 3කට වැඩි නැරඹුම් ප්‍රමාණයක් වාර්තා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.