කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් සබ්මැරීනයක් ස්පාඤ්ඤ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹදිග ගැලීසියා වෙරළාසන්නව මෙම සබ්මැරීනය අත්අඩංගුවට පත්වන විට එහි කොකේන් කිලෝග්‍රෑම් 2,000ක් පමණ තිබී ඇති අතර, පුද්ගලයන් දෙදෙනෙකුද එහිදී පොලිසීය විසින් අල්ලාගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙහෙයුම අතරතුර එක් පුද්ගලයෙකු පැනගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනා ඉක්වදෝර ජාතිකයන් බවත්, ඔවුන් ඉක්වදෝරයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවත් ස්පාඤ්ඤ පොලීසිය පවසයි.
ලතින් ඇමෙරිකාවේ සිට එක්සත් ජනපදය දක්වා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මේ වනවිට මෙවැනි කුඩා සබ්මැරීන යොදාගැනීම සුලභ වී ඇති අතර, ආරක්ෂක අංශවල උකුසු ඇසින් වසන්වී සිය මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.