කොංගෝවේ මිලියනයකට අධික ජනගහනයක් වෙසෙන ගෝමා නගරයෙන් ඉබෝලා රෝගියෙකු හඳුනාගෙන ඇති බව බලධාරීන් පවසයි.
එරට සෞඛ්‍ය අංශ බලධාරීන් පවසන්නේ, මධ්‍යම ගෝමා හි පාස්ටර්වරයෙකුට ඉබෝලා වැලඳී ඇති බව හඳුනාගෙන ඇති බවයි.
ඔහු බසයකින් මෙම පළාතට පැමිණි අයෙකු බවත්, මේ නිසා තවත් ඉබෝලා රෝගීන් පිළිබඳ විශ්වාස කළ හැකි වුවත්, මෙය පැතිරීම පසුගිය වර ඉබෝලා ඉස්මතු වූ අවස්ථාවේ මෙන් වේගවත් නොවන බවත් ඔවුන් කියයි.
මෙම වසර තුළ කොංගෝ ජනරජය තුළ ඉබෝලා වසංගතය ඉස්මතු වීමත් සමග පුද්ගලයන් 1,600ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ඉබෝලා රෝගියා එම වසංගතය පැවති පළාතේ රෝගීන් සමග ගැවසුණු අයෙකු ලෙසද හඳුනාගෙන ඇති අතර, ඔහු කිලෝමීටර් 200ක දුරක් බසයෙන් පැමිණ තිබේ.