කෙන්යාව වෙත පිවිසෙන සෑම ස්ථානයකදීම ඉබෝලා හඳුනා ගැනීමට පියවර ගෙන ඇති බව කෙන්යාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (KEMRI) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙකු සහ වෛරස් පර්යේෂණ සඳහා අධ්යක්ෂ වෛද්‍ය සැමොඑල් කමාඩි පවසයි.
විශේෂයෙන්ම, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ නවතම ඉබෝලා ව්‍යාප්තියත් සමග කෙන්යාවේ සෞඛ්‍ය බලධාරීන් මෙම දැඩි පියවර ගෙන තිබේ.
"දේශසීමා හරහා ගමන් කරන සහ විශේෂයෙන්ම කොංගෝ අවට කලාපයෙන් පැමිණෙන අයව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා" වෛද්‍ය කමාඩි පැවසීය.
"ඉබෝලා වැලඳී තිබීමේ හැකියාවක් ඇති බව හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සෑම ප්‍රවේශ ස්ථානවලම සිටින අපගේ සෞඛ්‍ය නිලධාරීන් පුහුණු කර තිබෙනවා. ඔවුන්ට සැක සහිත ආසාදන ඇත්නම්, එම පුද්ගලයා නිරෝධායනය කරනු ලබන අතර, අවශ්‍ය නම් අපගේ රසායනාගාරවලදී වැඩිදුර පරීක්ෂණ සඳහා සාම්පල ලබාදීම සිදුකරනවා." ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් 21 සිට කොංගෝවේ ඉබෝලා මරණ දෙකක් වාර්තා වී ඇති අතර මියගිය අයගේ සම්බන්ධතා 230කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන නිරීක්ෂණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ නවතම වසංගතය පාලනය කිරීමේ ප්රයත්නයන් ලෙස ඉහළම අවදානම් සහිත පුද්ගලයන් වෙත ළඟාවීමට එන්නත් කණ්ඩායම් තුනක් පිටත් කර හරින බවයි. කොංගෝව 1976 සිට ඉබෝලා පැතිරීම් අවස්ථා 14ක් දැක ඇති අතර 2018 සිට වාර්තා වී ඇත්තේ හයකි.