නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ බෙනී හි පිහිටි එක්සත් ජාතීන්ගේ කඳවුරකට සහ නගර ශාලාවට විරෝධතාකරුවන් ගිනි තබා තිබේ.
ඉස්ලාමීය සටන්කරුවන් විසින් එල්ල කරන ප්‍රහාරයක් වැළැක්වීමට එක්සත් ජාතීන් සහ රජයේ හමුදා අපොහොසත් වී ඇති බවට විරෝධතාකරුවන් කෝප වෙමින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මිත්‍ර පාක්ෂික බලකාය පසුගිය ඉරිදා රාත්‍රියේ නගරය වැටලීමේදී පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනය කර තිබුණු අතර, කොංගෝවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට 18,000ක බල අණියක් ඇතත්, එහි හමුදා සහ රජයේ හමුදා ඉස්ලාමීය සටන්කරුවන් පාලනයට අපොහොසත් වී ඇති බවට චෝදනා කෙරෙයි.
උගන්ඩාව සහ රුවන්ඩාව මායිම්ව ඇති ඛනිජ බහුල ප්‍රදේශයක් වන නැගෙනහිර කොංගෝවේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය සටන් කණ්ඩායම් රැසක් පවතී.
උගන්ඩාවේ කැරලිකරුවන් විසින් පිහිටුවන ලද මෙම සටන් කණ්ඩායම්, කලාපයේ පුරා සිය සැහැසිකම් ප්‍රකට කරන බවට චෝදාන පවති.