කොංගෝ නිවාස පෙළක් මතට ගුවන් යානයක් - 24ක් මරු දකී


කොංගෝ ජනරයේ නැගෙනහිර නගරයක් වූ ගෝමා හි නිවාස පෙළක් වෙතට අභ්‍යන්තර ගුවන් ගමන්වල නිතර යානයක් කඩා වැටිමෙන් පුද්ගලයන් 24 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පිරිස අතර නිවාසවල ජීවත් වූ පවුල් හතරකට අයත් පුද්ගලයන්ද සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

නගරයේ ගුන් තොටුපොළින් ගුවන් ගතවීමෙන් පසුව රේඩාර් තිරයෙන් අතුරුදන් වූ යානය මෙම නිවාස වෙත කඩා වැටී තිබේ.

යානය ගුවන්ගත වන අවස්ථාවේදී එහි මගීන් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු වූ බව ගුවන් තොටුපොළ අරංචි මාර්ග පවසයි.

කොංගෝ රාජ්‍ය තුළ මෙවැනි ගුවන් අනතුරක් පුදුමයක් නොවන්නේ එරට ගුවන් ආරක්ෂණ කටයුතු සැලකිය යුතු ලෙස අඩපණව පවතින නිසා බව සඳහන් වෙයි.



Recommended Articles