කොංගෝ ගුවන් අනතුරේ මියගිය පිරිස 27ක් දක්වා ඉහළ ගිහින්


කොංගෝ රාජ්‍යයේ සිදුවූ අභ්‍යන්තර ගුවන් යානා අනතුරින් මියගිය පිරිස මේ වනවිට 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

අභ්‍යන්තර ගුවන් සේවාවේ නිරත මගී යානයක් නැගෙනහිර ගෝමා හි ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවූ අතර, යානය ගුවන්ගත වී සුළු මොහොතකින් මෙම අනතුර සිදුව තිබේ.

යානය ගුවන්ගත වන අවස්ථාවේදී එහි මගීන් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර, මියගිය සෙසු පිරිස යානය පතිත වූ නිවාසවල ජීවත් වූ සාමාන්‍ය වැසියන් බව කියයි.

කෙසේ වෙතත්, මෙම ගුවන් අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොංගෝ බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles