කේරළයේ ගුවන් අනතුරින් 17ක් මරුට, 46ක් තුවාලයි


දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් අනතුරට ලක්විය.

අනතුරින් ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් 46 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව මධ්‍යම කාර්මික ආරක්ෂක බළකායේ පොලිස්පති සීවී ආනන්ද් පවසයි.

IX-1344 දරණ ගුවන් යානය අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ ගොඩබෑම සිදුවන අවස්ථාවේදී ධාවන පථය මත කැරකී ගොස් මෙම අනතුර සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි පවසයි.

එයාර් ඉන්දියා ගුවන් සේවය නිවේදනය කළේ ඩුබායි සිට කොලිකෝඩ් දක්වා (කැලිකට්) මෙම ගුවන් යානයේ පුද්ගලයින් 190 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි.

"ගුවන් යානයේ මගීන් 174ක්, ළදරුවන් 10ක්, ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩල 4 ක් සිටියා." යානය ගොඩබෑමේ දී කිසිදු ගින්නක් වාර්තා වී නොමැති බව ප්‍රකාශයේ සඳහන් වේ. ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ සිව්දෙනා ආරක්ෂිත බව තහවුරු කර ඇති බව ගුවන් සමාගම වැඩිදුරටත් පැවසීය.



Recommended Articles