කේරල ප්‍රාන්තයට නවීනතම මෙට්‍රෝ පාරු සේවාවක් එයි


ඉන්දියාවේ දකුණුදිග කොචි නගරයේ ජලය ආශ්‍රිත ප්‍රවාහන සේවා දියුණු කරමින් නවීනතම මෙට්‍රෝ පාරු සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම වර්ණවත් නවීන පාරු යොදා ගනිමින්, කේරල ප්‍රාන්තයේ කොචි සිට අරාබි මුහුදට ආසන්න දූපත් 10ක් සම්බන්ධ කරයි.

එහිදී, මෙම මෙට්‍රෝ පාරු සේවාව ලබාගන්නා මගීන්ට ඔන්ලයින් ක්‍රමයට හෝ QR කේතයක් මගින් එහි ටිකට්පත් වෙන්කරවා ගැනීමටද පහසුකම් සලසා තිබේ.



Recommended Articles