බ්‍රිතාන්‍ය පාලන සමයේදී නයිජීරියාවෙන් පැහැරගෙන ගොස් තිබුණු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත යේසුස් විද්‍යාලයේ ඇති ලෝකඩ කුකුළා ප්‍රතිමාව යළිත් නයිජීරියාවට ලබාදීමට යයි.
"ඔකුකෝර්" ලෙස හැඳින්වෙන බෙනින් ලෝකඩ ප්‍රතිමාව වර්ෂ 1930 දී හිටපු බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙකු විසින් යේසුස් විද්‍යාලයට පවරා දී තිබුණි.
2016 දී එය ප්‍රදර්ශනයෙන් ඉවත් කරන ලද අතර එය නැවත ලබාදෙන ලෙස ලෙගසි ඔෆ් ස්ලේවේරි ක්‍රියාකාරී පක්ෂය නිර්දේශ කර තිබුණි.
යේසුස් විද්‍යාලයේ විදුහල්පතිනී සොනිටා ඇලීන් පැවසුවේ ඔවුන් “ඉතිහාසය මකා දැමීමට” උත්සාහ නොකරන බවයි.
"අපි අවංක ප්‍රජාවක්. බෙනින් ලෝකඩයේ ප්‍රභවය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීමෙන් අනතුරුව අපගේ කාර්යය වන්නේ ඉදිරි මාවත සෙවීමයි." යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.