කෙන්යා නයිරෝබි වෙළෙඳ සැල් ගින්නේ මරණ 15යි -70ට තුවාල


කෙන්යාවේ නයිරෝබි අගනගරයේ වෙළෙඳ පොළක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රාත්‍රී කාලයේදී ඇති වූ මෙම ගින්නෙන් තවත් පුද්ගලයන් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, දේපොළ රැසක් විනාශ වී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගිකොම්බා යනුවෙන් හැඳින්වෙන මෙම වෙළෙඳ පොළ නයිරෝබි නගරයේ පැවැත්වෙන විශාලතම විවෘත වෙළෙඳ පොළ ලෙස සැලකෙයි.

කෙසේ වෙතත්, මෙය ස්වභාවික ඇති වූ ගින්නක්ද, නැත්නම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බවත්, මේ වනවිට ගින්නට හේතුව සොයාගෙන නොමැති බවත් පොලීසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවත්, තවත් පිරිසක් විෂ දුම ආග්‍රාණය කිරීමෙන් රෝහල්ගත කර ඇති බවත් සඳහන් වෙයි.

මියගිය පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



Recommended Articles