කෘමි සතුන් ආහාරයට ගැනීම නව සාමාන්‍යයක් බව කියයි


ප්‍රධාන ආහාර ප්‍රභවයක් ලෙස කෘමි සතුන් මත විශ්වාසය තබන ලෙස එරට ප්‍රධාන පුවත්පතක් වන වොෂිංටන් පෝස්ට්, ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව, හරක් මස්, ඌරු මස් සහ කුකුල් මස්වලින් තොරව ආහාරයට ගත හැකි කෘමීන් වෙත මාරුවීම පරිසරයට යහපත් වනු ඇතැයි තර්ක කර ඇත.

පශු සම්පත් මත පදනම් වූ මස් වෙනුවට කෘමීන් අනුභව කිරීම "පාරිසරික අඩිපාර සැහැල්ලු කරනු ඇත" යනුවෙන් වොෂිංටන් පෝස්ට් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලද ලිපියක පැවසෙයි.

ගොවිපළේ ඇති කරන කෘමීන්ද ප්‍රෝටීන් වඩාත් කාර්යක්ෂමව ලබාදෙන බව පුවත්පත කියා සිටියේය. නිදසුනක් වශයෙන්, ආහාරයට ගත හැකි තණකොළ පෙත්තන් එළදෙනුන්ට වඩා 12 ගුණයකින් කාර්යක්ෂම ආහාරයක් බව පෙන්වා තෙ.

ඉරිදා ලිපිය සනිටුහන් කරන්නේ කෘමීන් ආහාරයට ගැනීම සඳහා ඇමෙරිකානුවන් මෙන්ම බටහිර ජනතාව වෙත බලකෙරෙන පෝස්ට් සහ අනෙකුත් මාධ්‍ය ආයතන විසින් දරන ලද දිගු උත්සාහයක නවතම ලිපියක් ලෙසිනි.



Recommended Articles