කුවේට් කැබිනට්ටුව ඉල්ලා අස්වේ


විපක්ෂයේ නායකත්වයෙන් යුතු පාර්ලිමේන්තුව සමග ඇති වූ මතභේදයකින් පසු කුවේට් කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ.

අගමැති ෂෙයික් අහ්මඩ් නවාෆ් අල්-අහ්මඩ් අල්-සබාහ් විසින් කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීම ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් මේෂල් අල්-අහ්මඩ් අල් ජබීර් අල් සබාහ් වෙත ඉදිරිපත් කළ බව එරට නිල පුවත් ඒජන්සිය පවසයි.

විධායකය සහ ව්‍යවස්ථාදායක අධිකාරිය අතර ඇති වූ අවහිරයක් හේතුවෙන් ඉල්ලා අස්වීම දක්වා තත්ත්වය ඔඩුදුවා ඇති බව, කැබිනට් ප්‍රකාශක උපුටා දක්වමින් වැඩිදුරටත් වාර්තා කර ඇත.



Recommended Articles