කුර්දි සටන්කරුවන්ගේ හිස පොඩි කර දමනවා - තුර්කි ජනපති කියයි


තුර්කි ජනාධිපති රිසෙප් ටයේප් එර්ඩෝගන් පවසන්නේ කුර්දි සටන්කාමීන් උතුරු සිරියාවේ සැලසුම් සහගත ආරක්ෂිත කලාපයකින් ඉවත් නොවන්නේ නම් තුර්කිය ඔවුන්ගේ හිස පොඩිකර දමන බවයි.

කුර්දි ජාතිකයින්ට ප්‍රදේශයෙන් පසුබැසීමට ඉඩ දීම සඳහා දින පහක සටන් විරාමයකට තුර්කිය බ්‍රහස්පතින්දා එකඟ විය.

නමුත් සෙනසුරාදා දෙපාර්ශ්වයම සටන් විරාමය උල්ලංඝනය කළ බවට අනෙක් පාර්ශ්වයට චෝදනා කළහ.

අන්කාරා පාලනය විසින් කුර්දි හමුදා ත්‍රස්තවාදීන් ලෙස සලකන අතර සිරියාව තුළ “ආරක්ෂිත කලාප” බෆරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය බව කියයි.

තාවකාලික සටන් විරාමය නොතකා, සමහර විරල ප්‍රචණ්ඩ ක්‍රියා, විශේෂයෙන් මායිම් නගරය වන රාස් අල්-අයින් අවට අඛණ්ඩව සිදුවී ඇති බව වාර්තා වෙයි.



Recommended Articles