කුඩා දරුවන් සමග ගුවන් ගමන් යෑමේදී හදිසි බෙහෙත් අවශ්‍යයි


කුඩා දරුවන් ගුවන් යානා තුළ රැගෙන යාමේදී ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය අතේ ගෙනයන ගමන්මලු තුළ රැගෙන යාමට දෙමවුපියන් උත්සුක නොවීමෙන් දරුවන්ට හදිසියේ රෝගාබාධ වළක්වා ගැනීමට නොහැකි බව කියයි.

බ්‍රිතාන්‍යයේදී සිදුකළ සමීක්ෂණයකට අනුව, දෙමවුපියන්ට ගුවන් ගමනකදී රැගෙන යා යුතු දේ පිළිබඳ ලැයිස්තුවක් ලබාදීම වටිනා බව සඳහන් වෙයි.

විශේෂයෙන්ම, ග්‍රීෂ්ම සෘතුවේ දරුවන් සමග ගමන්බිමන් යෑමේදී ඔවුන්ට නිතර අවශ්‍ය වන බෙහෙත් ද්‍රව්‍ය තමාට ඉතා පහසුවෙන් ගතහැකි ස්ථානයක තබාගැනීමේ වැදගත්කම ඔවුන් සිහිපත් කරයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ගුවන් සමාගම් 77ක් සම්බන්ධයෙන් 2015 ජනවාරි සිට 2016 ඔක්තෝබර් දක්වා කාලය තුළ කළ සොයාබැලීම්වලදී මෙසේ බෙහෙත් නොමැති වීමෙන් ඇති වූ සංකූලතා පිළිබඳ සිදුවීම් 75,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. 

එම සිදුවීම්වලින් 11,000කට අධික ප්‍රමාණයක් දරුවන් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත්, වමනය, ඔක්කාරය මෙහිද වැඩිපුරම වාර්තා වී ඇති සිදුවීම් බවත්, උණ සහ හිසරදය මෙන්ම, අජීරණය වැනි රෝගාබාධයන්ද 22%ක් සහ 5.5%ක් ලෙස වාර්තා වී ඇති බවත් එම සමීක්ෂණය වැඩිදුරටත් පවසයි.



Recommended Articles