කිසිදු බලවේගයකට චීනය නැවතිය නොහැකියි - චීන ජනපති ෂී ජින්පිං


වර්තමානයේදී චීනය ලෝකයේ දෝරටුව අභියස සිටින බවත්, තම ජාතියේ අත්තිවාරම සෙලවීමට හැකි බලවේගයක් නොමැති අතර, චීන ජනතාව සහ චීන ජාතිය ඉදිරියට යෑම වැළැක්වීමට කිසිදු බලවේගයකට නොහැකි බවත් චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.

මහජන චීන සමූහාණ්ඩුවේ චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවී 70 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන හමුදා පෙළපාළිය ඇතුළු අභිමානවත් උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා අද (01දා) බීජිං නුවර ටියානන්මෙන් චතුරශ්‍රයේදී මෙසේ අදහස් පළ කළේය. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ෂී ජින්පිං,

"චීන ජනතාව තම දෙපයින් නැගීසිට, ජාතික පුනර්ජීවනයේ හරිත ගමන ආරම්භ කිරීමට සමත් වුණා. අද චීනය ලෝකයේ දොරටුවල සිටගෙන සිටින අතර, මේ ජාතියේ අත්තිවාරම් සොලවන්නට හැකි කිසිදු බලවේගයක් නැහැ. ඒ වගේම, චීන ජනතාව සහ චීන ජාතිය ඉදිරියට යාම වැළැක්වීමට කිසිදු බලවේගයකට හැකියාවක්ද නැහැ."

අපේක්ෂා කළ පරිදි ෂී ජින්පිං විසින් එක්සත්බව හා සමෘද්ධිය පිළිබඳ පණිවිඩයක් සිය දේශනයෙන් ජනතාවට ලබාදෙන ලදී. ඔහු පොරොන්දු වන්නේ රජය “ජනතාවට මුල් තැන දෙන” බවත්, “යහපත් ජීවිතයක් සඳහා ජනතාවගේ අභිලාෂයන් සපුරාලන” බවත් ය.



Recommended Articles