ජපාන ව්‍යවස්ථාවට අනුව ක්‍රියා පටිපාටිමය වශයෙන් සමූහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසුව, ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ සභාපති ෆුමියෝ කිෂිඩා ජපාන පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයේදී යළිත් වරක් එරට අගමැතිවරයා ලෙස පත් කරන ලදී.
ඔක්තෝබර් 31 වැනි දින පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස කිෂිඩාගේ LDP මීට පෙර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලයක් ලබාගෙන තේරීපත් විය.
හිටපු අගමැති සුගාගේ නික්ම යාමෙන් පසුව පක්ෂයේ වැඩි කැමැත්තෙන් තමා වෙත අගමැති ධුරය හිමි වුවත්, එය ජනතාවගේ කැමැත්තද ඇතිව තහවුරු කරගැනීමට මහ මැතිවරණය තුළින් කිෂිඩා සමත්වීම නිසා මෙසේ ඔහු දෙවැනි වරටත් අගමැති ධුරයට පත්විය.