කිරිගිස්ථාන හිටපු ජනපති වෙත චෝදනාවන් රැසක් ගොනුවෙලා


කිරිගිස්ථානයේ හිටපු ජනාධිපති ඇල්මෙස්බෙක් අටම්බයෙව් වෙත මනුෂ්‍ය ඝාතන සහ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ සැලසුම් කළේ යැයි චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම, දැවැන්ත නොසන්සුන්තාවක් ඇති කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් තබාගැනීම යන චෝදනාද ඔහුට එරෙහිව එල්ල වී ඇත.

පොලීසිය විසින් පසුගිය සතියේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ නිවසේ සිටියදීය. එම අවස්ථාවේදී ගිනි අවි රැගත් ඔහුගේ ආරක්ෂකයන් පොලීසිය වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණි.

එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණි.

ඒ අනුව, කිරිගිස්ථාන අභිචෝකයන් විසින් මේ සියලු චෝදනා හිටපු ජනපතිවරයා වෙත ගොනුකර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles