කිර්ගිස්තාන අධිවේගී මාර්ගය චීනයේ සහාය ඇතිව ඉදිවෙයි


කිර්ගිස්තානයේ උතුර සහ දකුණ යා කරන ප්‍රධාන අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර චීනයේ සහයෝගය ඇතිව නිම කර තිබේ.

ගුවන් පාලම්ද සහිතව ඉදි කෙරුණු මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිම කිරීම සනිටුහන් කිරීමේ උත්සවයට දෙරටේම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවෙහිදී, අදහස් දැක්වූ කිර්ගිස්තානයේ චීන තානාපතිවරයා මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර නිම කිරීම පිළිබඳව ප්‍රශංසා කළ අතර, චීන-කිර්ගිස්තාන සබඳතාවල ධනාත්මක වර්ධනය සහ ඒකාබද්ධ මාර්ග ඉදිකිරීම පිළිබඳව ඉතා ඉහළින් කථා කළේය.



Recommended Articles