යුක්රේන අගනුවර වට කර ඇති අතර, සිවිල් වැසියන් ඉවත් කිරීම දැන් කළ නොහැකි බව කියෙව් නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ඇසෝසියේටඩ් ප්‍රෙස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
"අපට එය කළ නොහැකියි. මන්ද සියලු මාර්ග අවහිර වී තිබෙනවා" කියෙව්හි සිවිල් වැසියන් ඉවත් කිරීමට සැලසුම් කර තිබේද යන්න ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්ලිට්ස්කෝ පැවසීය. "දැන් අපි වටවෙලා ඉන්නේ."
"මම දැන් ජනාධිපති (සෙලෙන්ස්කි) සමග කතා කළා. හැමෝම හොඳින් නොවෙයි කතා කළේ." නගරාධිපතිවරයා සඳහන් කළේය.
ආයුධ සපයා ඇති භෞමික ආරක්ෂක ස්වේච්ඡා බලඇණිවල පූර්ණ පාලනය අගනුවර බලධාරීන්ට නොතිබූ බව නගරාධිපතිවරයා පිළිගත්තේය. "ඇත්තම කියනවා නම්, අපට 100% පාලනයක් දැන් නැහැ" ක්ලිට්ස්කෝ පැවසීය. "දේශප්‍රේමී මිනිසුන් යොදාගෙන මේ භෞමික ආරක්ෂාව කෙටි කාලයක් තුළයි අප ගොඩනගා ගත්තේ."
"අපි ඉන්නේ ව්‍යසනයක මායිමේ. දැන් අපට විදුලිය තියෙනවා. දැනට අපේ ගෙවල්වල ජලය සහ උණුසුම තියෙනවා. නමුත් ආහාර සහ බෙහෙත් බෙදා හැරීමට යටිතල පහසුකම් විනාශ ගිහින්." ඔහු පැවසීය.
කෙසේ වෙතත් දිග හැරෙන වර්ධනයන් පැහැදිලි කිරීමේදී, රුසියානු හමුදා යුක්රේන නගර ඉලක්ක කර නොගන්නා අතර, සිවිල් ජනතාවට කිසිඳු තර්ජනයක් නොමැති බවත්, යුක්රේන හමුදා යටිතල පහසුකම් අකර්මණ්‍ය කිරීමට පමණක් ප්‍රහාර සීමා වී ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සහතික කළේය.