කියුබාවේ දෛනික කොවිඩ් මරණය යළි බිංදුවක් වෙයි


කියුබාවේ සිකුරාදා ගෙවුණු පැය 24 තුළ කොවිඩ්-19 මරණයක් වාර්තා වී නොමැති අතර, එරටින් නව ආසාදිතයන් 76ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව කියුබාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 964,482ක් දක්වා ඉහළ නංවා ඇති අතර, එහි වසංගත මරණ සංඛ්‍යාව 8,317ක් ලෙස නොවෙනස්ව පැවති බව මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එරට දෛනික වසංගත වාර්තාවේ පුද්ගලයින් 367 දෙනෙකු සක්‍රීය රෝගීන් ලෙස ප්‍රතිකාර ලබන බවද දත්ත පෙන්වා දෙයි.

ආසාදන අතරින් හවානා හි වැඩිම නව දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් (18) දුටු අතර, පසුව හොල්ගුයින් සහ සීගෝ ද අවිලා පළාත් නව ආසාදිතයන් 9ක් බැගින් වාර්තා කළේය.

අමාත්‍යාංශ දත්ත වලට අනුව, රටේ මිලියන 11.2ක ජනගහනයෙන් මිලියන 9.5කට මඳක් වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, දිවයිනේ වේගවත් සමූහ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ අතර, සංචාරක සහ රේගු සේවකයින් මෙන්ම ප්‍රතිශක්තිය අඩු වූවන් ඇතුළු 978,000 කට අධික පිරිසක් කොවිඩ්-19 බූස්ටර එන්නත් ලබාගෙන ඇත.

කියුබාව තුළම නිෂ්පාදනය කළ කොවිඩ්-19 මර්දන එන්නත් වර්ග පහකින්, එන්නත් වර්ග තුනක් වන අබ්දලා, සොබෙරානා-02 සහ සොබෙරානා ප්ලස් එන්නත් ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය සඳහා යොදාගෙන තිබේ.



Recommended Articles