කියුබාවෙන් අඛණ්ඩව දින 9ක් කොවිඩ්-19 මරණයක් වාර්තා නොවූ බව එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අධ්‍යක්‍ෂ වෛද්‍ය ෆ්‍රැන්සිස්කෝ ඩුරන් පවසයි.
ගෙවීගිය දිනයේ කියුබාවෙන් නව කොරෝනා වෛරස ආසාදිතයන් 9 දෙනෙකු පමණක් වාර්තා වී ඇති බව ඔහු පැවසීය.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් සති අන්තයේදී කියා සිටියේ කියුබාවේ වෛරසය 'පාලනය යටතේ පවතින' බවත්, දිවයින ක්‍රමයෙන් නැවත විවෘත කිරීමට රජය පියවර ගන්නා බවත්ය.
වෛරසය පැතිරයාම ආරම්භ වීමත් සමග කියුබානු බලධාරීන් රට තුළට සහ ඉන් පිටතට යන ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ලම පාහේ අවසන් කර ඇති අතර, මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්ය කර තිබේ.
නව කොරෝනා වෛරස් රෝගයෙන් පෙළෙන සෑම කෙනෙකුටම රජයේ රෝහල්වල නිරෝධායනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කියුබාවේ කොරෝනා වෛරස ආසාදිතයන් 2,200ක් සහ මරණ 83ක් වාර්තා වී තිබේ.