කියුබාව ප්‍රථම මන්කිපොක්ස් ආසාදිතයා තහවුරු කරයි


කියුබාව සෙනසුරාදා අගභාගයේදී සිය පළමු මන්කිපොක්ස් රෝගියා තහවුරු කළ බව රටේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

මේ සතියේ ඉතාලියේ සිට පැමිණි සංචාරකයෙකු තුළ වෛරස් රෝගය හඳුනා ගැනීමෙන් පසුව ඔවුන් මෙම තහවුරු කිරීම සිදුකර තිබේ.

ඉතාලි ජාතිකයා කුලී නිවසක නැවතී සිට ඇති අතර අසනීප වීමට පෙර කැරිබියන් දූපත් රාජ්‍යයේ බටහිර පළාත්වල විවිධ ගමනාන්ත වෙත ගොස් ඇති බව අමාත්‍යාංශය කෙටි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එමෙන්ම රෝගියා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද කියුබාව පවසා සිටියි.



Recommended Articles