කියුබානු හෝටලයක සිදුවූ පිපිරීමේ මරණ ඉහළ ගිහින්


කියුබාවේ හවානා නගරයේ නවීකරණය කරමින් පවතින තරු පහේ හෝටලයක සිදුවූ මාරාන්තික පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 18දෙනෙකු මිය ගොස් තවත් 25දෙනෙකු තුවාල ලැබූ බව කියුබානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

කියුබාවේ ජනාධිපතිවරයා කියා සිටියේ පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවත්, ගෑස් කාන්දුවක් ඊට හේතුව විය හැකි බවත්ය.

වසංගතයෙන් පසු නැවත විවෘත කිරීම සඳහා හෝටලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් පැවති බව හෝටල් බලධාරීහු පවසති.



Recommended Articles