කියුබානු සංක්‍රමණිකයන්ට සීමාවන් ලිහිල් කිරීමක්


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය 2017 න් පසු පළමු වතාවට කියුබානුවන් සඳහා සම්පූර්ණ සංක්‍රමණ වීසා සැකසීම නැවත ආරම්භ කිරීමට සූදානම් වෙයි.

එය එක්සත් ජනපදයට "පිළිවෙලින් සංක්‍රමණය වීමට" පහසුකම් සැලසීමට සහ ජාතික දේශසීමාවලින් වෙන් වූ පවුල් නැවත එක් කිරීමට උදව් කිරීමට බලාපොරොත්තු වෙයි.

කියුබාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙම පියවර ප්‍රකාශයට පත් කළ අතර, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කියුබානු පුරවැසියන් සඳහා සම්පූර්ණ වීසා සැකසීම නැවැත්වීමට 2017 ගත් තීරණය වෙනස් කර තිබේ.



Recommended Articles