කිම් ජොන්ග්-උන් සමග සාකච්ඡාව සඳහා ජනපති ට්‍රම්ප් වියට්නාමයට


උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් සමග පැවැත්වෙන දෙවැනි වටයේ සාකච්ඡාව සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වියට්නාමය වෙත ළඟා වී තිබේ.

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් යානයෙන් හැනෝයි නුවර නොයි බායි ගුවන් තොටුපළ වෙත හෙතෙම පැමිණි බව විදෙස් වාර්තා පවසයි.

මේ අතර, උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් දුම්රියෙන් වියට්නාමය වෙත පැමිණ පසුව මෝටර් රථයෙන් හැනෝයි නුවර වෙත ළඟා වීය.

සිංගප්පූරුවේදී පැවති ප්‍රථම ඓතිහාසික සාකච්ඡාවෙන් පසුව ඇමෙරිකානු හා උතුරු කොරියානු නායකයන් අතර සිදුවන මෙම දෙවැනි වටයේ සාකච්ඡාව අද (27දා) සහ හෙට (28දා) පැවැත්වෙයි.

කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටිකහරණය සම්බන්ධයෙන් මේ වනවිට ලබා ඇති ප්‍රගතිය ගැන නායක දෙපළ මෙහිදී සාකච්ඡා කරනු ඇති බව කියැවෙයි.



Recommended Articles