කිම් කාඩේෂියන් සමග වූ දික්කසාද නඩුව සමතයකට පත්වීමත් සමග, සිය දරුවන් වෙනුවෙන් මාසිකව ඩොලර් ලක්ෂ 2ක නඩත්තුවක් ගෙවන ලෙස ඇගේ ස්වාමියාව සිටි කෙනී වෙස්ට් වෙත නියෝග කර ඇත.
හිටපු රැප් ගායක සහ රියැලිටි ටීවී තරුව ඔවුන්ගේ දරුවන් හතර දෙනාගේ ඒකාබද්ධ භාරකාරත්වය මේ සමග බෙදාගෙන ඇත.
කෙනී වෙස්ට් සමග වසර අටක විවාහ දිවියෙන් පසු කිම් කාඩේෂියන් සිය දික්කසාදය 2021 දී ගොනු කළේය.
එය පැමිණෙන්නේ යුදෙව් විරෝධී අදහස් ඇතුළු මතභේද මත සමාගම් කිහිපයක් වෙස්ට් සමග සබඳතා කපා හැරීමෙන් පසුවය.
පාර්ශ්ව දෙකම මාර්තු මාසයේදී නීත්‍යානුකූලව වෙන්වූ බව ප්‍රකාශයට පත් කරන ලද අතර, කාඩේෂියන්ද ඇගේ අවසාන නමෙන් වෙස්ට් යන්න ඉවත් කළාය.
දේපල බෙදීම සහ ඔවුන්ගේ දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ ගැටළු අඟහරුවාදා ගොනු කරන ලද අධිකරණ ලේඛනවලින් විසඳා ඇත.
තම දරුවන්ගේ සුභසාධනය පිළිබඳ ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් දෙපාර්ශවය එකිනෙකා සමඟ සාකච්ඡා කළ යුතු බව ලේඛනවල සඳහන් වේ.
දරුවන්ගේ ආරක්ෂාව, පාසල සහ විද්‍යාලය සඳහා වන වියදම් දෙදෙනා අතර බෙදී යනු ඇත.
මීට අමතරව, දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් මසකට ඩොලර් 200,000 ක් ගෙවීමට වෙස්ට් වෙත සිදුවනු ඇත. නිව්යෝක් පෝස්ට් වාර්තා කළේ ළමයින් ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් කාඩේෂියන් සමග ගතකිරීම මීට හේතුවී ඇති බවයි. මෙම යුවළට වයස අවුරුදු 9, 6, 4 සහ 3 යන වයස්වල දරුවන් හතර දෙනෙක් සිටිති. කාඩේෂියන් මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන අතර, වෙස්ට් 45 හැවිරිදි වියේ පසුවෙයි.