ඇමෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැලිෆෝනියාවේ බලධාරීන් කුඩා වෙරළබඩ නගරයක සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම වෙඩි තැබීමෙන් පැය දෙකකට වඩා වැඩි කාලයකට පසු, රථ ගාලක සිටියදී 67 හැවිරිදි චුන්ලි ෂාඕ නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැන් ෆ්රැන්සිස්කෝ සිට සැතපුම් 30ක් පමණ දකුණින් පිහිටි 11,000ක පමණ පදිංචිකරුවන්ගේ ප්රජාව තුළ සිදුවූ මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ, පුද්ගලයන් 11දෙනෙකුට මරු කැඳවූ සමූහ වෙඩි තැබීමකින් පසුවය.
ගිනිඅවි ප්රචණ්ඩත්වය ඇමෙරිකා එක්සත් ජනපදය තුළ නිරන්තයෙන් දැකගත හැකි භීෂණයක් වන අතර, ගිනිඅවි භාවිතයේ වෙනස්කම් පිළිබඳ සාකච්ඡාවක් රට ඉල්ලා සිටියද තවමත් එය සිදුවි නැත.