කැලිෆෝනියා සැණකෙළියේ විවෘත වෙඩි තැබීමකින් 3ක් ජීවිතක්ෂයට


එක්සත් ජනපදයේ කැලිෆෝනියා නගරයේ ආහාර සැණකෙළියක් වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවක්කුකරු පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සැකකරුවෙකු සිද්ධිය අවස්ථාවේදී පැනගොස් ඇති බවට පොලීසිය සැක පහළ කරයි.

ගිලෝරි ගාර්ලික් සැණකෙළිය ඉරිදා සවස අවසන් වීමට තිබියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් මුලින්ම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 6ක ස්ටෙෆන් රොමේරෝ නමැති දරුවෙකි. ඔහුගේ මව සහ ආච්චි අම්මා තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරය එල්ල කළ තැනැත්තා 19 හැවිරිදි සැන්ටීනෝ විලියම් ලෙගාන් ලෙස හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඔහු කැමා ඇඳුමකින් සැරසී ස්වයංක්‍රීය ගිනි අවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකළ බවයි.

මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් සනාථ වී නැතත්, ගිනි අවි හේතුවෙන් 2019 වසරේදී එක්සත් ජනපදයේ පුද්ගලයන් 8,434ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles