කැලිෆෝනියා වෙරළේ තෙල් කාන්දු පිරිසිදු කිරීම අඛණ්ඩව


ඇමෙරිකා එක්සත්ජ ජනපදයේ, සති අන්තයේ සිදුවූ තෙල් කාන්දු වීමෙන් පසු දකුණු කැලිෆෝනියා අසල හන්ටිංටන් වෙරළ තීරයේ සිදුකෙරෙන පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව පවසයි.

දිය යටින් වූ තෙල් නලයක් කැඩී යාමෙන් බොරතෙල් ගැලුම් 126,000කට වැඩි ප්‍රමාණයක් සාගරයට එකතු වූ අතර, මේ නිසා එම වෙරළ ආශ්‍රිතව දැවැන්ත පරිසරය හානියක් සිදුව තිබේ.‍

මෙසේ තෙල් නලය කැඩී යාමට හේතු නිරීක්ෂණයේදී නෞකාවක නැංගුරමක් පුපුරා ගිය තෙල් නළය අල්ලා ඇදගෙන ගොස් ඇති බව අනාවරණය වෙයි.

කෙසේ වෙතත් තෙල් කාන්දුවක් සිදුවිය හැකි යැයි පළමු ඇමතුම ලබා දී පැය 10ක් යන තුරුත් එය පරීක්‍ෂා කිරීමට බලධාරීන් ක්‍රියාත්මක නොවීමෙන් පරිසරය විනාශය වැඩිවී ඇති බවට චෝදනා නැගෙයි.



Recommended Articles