ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් හි බේ ඒරියා තාක්ෂණ පාසලේ වෙඩි තැබීමකින් බරපතල තත්ත්වයේ පසුවන තිදෙනෙකු ඇතුළු අවම වශයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
ඕක්ලන්ඩ් නගරාධිපති ලිබී ෂාෆ් සමාජ මාධ්‍ය හරහා පැවසුවේ එය හද කම්පාකරවනසුලු ක්‍රියාවක් බවයි.
එසේම, නගරයේ පාසල් එහි ඉගෙනුම ලබන දරුවන්ට ක්ෂේමභූමියක් විය යුතු බව නගරාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.