එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ මාරිපෝසා හි නිවාස ගිනිබත් කරමින් එක රැයකින් ඕක් ලැව්ගින්නක් පැතිර යාමෙන් පසුව, අක්කර 6,000කට වඩා විනාශ වී ඇති බව ගිනිනිවන ඒකක පවසයි.
මේ සමග ඒ ආසන්නව ජීවත් වූ 6,000කට ආසන්න පිරිසකට ඉවත් වන ලෙස ඉල්ලා තිබූ අතර, අවම වශයෙන් නිවාස ඒකක දහයක්වත් විනාශ වී ඇති අතර තවත් 2,000ක් අවදානමට ලක්ව ඇති බවද සඳහන් වේ.
400කට අධික ගිනි නිවන භට පිරිසක් ගොඩබිම සහ ගුවනේ ගින්න මැඬපවත්වමින් සිටින අතර, විමර්ශකයෝ ගින්නට හේතුව සොයමින් සිටිති.