කැලඹෙන ලෝකය ස්ථාවර කරන්න BRICS එකතු වෙයි


චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ යැන්ග් ජීචෙයි BRICS රටවලින් කැලඹිලි සහිත ලෝකයකට වැඩි ස්ථාවරත්වයක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

CPC මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකුද වන යැන්ග්, වීඩියෝ සබැඳිය හරහා BRICS ජාතික ආරක්ෂක උපදේශකයින් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ නියෝජිතයින්ගේ 12 වැනි රැස්වීමේ මුලසුන හොබවමින් මෙම අදහස් පළ කළේය. 14 වැනි BRICS සමුළුවට පෙර මෙම හමුව සිදුවිය.

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රධාන නැගී එන රටවල් පහ සඳහා කෙටි යෙදුමකි. චීනය මේ වසරේ BRICS හි සභාපතිත්වය දරයි.

නැගීඑන වෙළෙඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල සාමූහික නැගීමේ ඓතිහාසික රැල්ල තුළ මෙම කණ්ඩායම ආරම්භ වූ අතර, ලෝක රටාවේ සහ ජාත්‍යන්තර පිළිවෙළෙහි පරිණාමයේ සහ ගැලපුමේ දිශාව නියෝජනය කරන බව යැන්ග් පැවසීය.

ඔහු සාමාජිකයින් පස්දෙනාගෙන් ඉල්ලා සිටියේ කාලයේ ප්‍රවණතා අනුගමනය කරන ලෙසත්, කාලයේ වෙනස්කම්වලට ප්‍රතිචාර දක්වන ලෙසත්, කැලඹිලි සහිත ජාත්‍යන්තර තත්ත්වයට වැඩි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.



Recommended Articles