කැමරූන් රාජ්‍ය සඳහා චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් එරට ගුවන් තොටුපළ වෙත ළඟාවී තිබේ.
කැමරූන් හි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක සහ කැමරූන් හි ප්‍රතිශක්තිකරණය පිළිබඳ පුළුල් කරන ලද වැඩසටහනේ මහලේකම්වරයා, එන්නත භාරදීමේ උත්සවයට සහභාගී විය.
මහලේකම්වරයා පැවසුවේ කැමරූන් ඇතුළු අප්‍රිකාවේ එන්නත් ප්‍රමාණය සහ එන්නත් අනුපාතය අඩු බවත්, ඔමික්‍රෝන් වැනි කොවිඩ්-19 ප්‍රභේදවලින් ලෝකය ආපස්සට යන අවස්ථාවක චීනය මෙසේ නොමිලේ ලබාදුන් ආධාරය වැදගත් වන බවත්ය.
මෑතකදී අවසන් වූ චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ අටවැනි අමාත්‍ය සමුළුවේදී, අප්‍රිකාවට එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට චීනය ප්‍රතිඥා දුන්නේය. චීන-අප්‍රිකා සහයෝගීතාවයේ රාමුව තුළ සෞඛ්‍ය සහයෝගීතාව සහ දෙරට අතර කොවිඩ්-19 ට එරෙහි ඒකාබද්ධ සටන නිසැකවම ඵලදායි ප්‍රතිඵල අත්කර ගනු ඇත.