අයිවරි කෝස්ට් හි අග්‍රාමාත්‍ය අමාඩෝවු ගොන් කූලිබාලි හදිසි මරණයකට ලක්ව ඇති බව එරට ජනාධිපතිවරයා නිවේදනය කළේය.
ජනාධිපති ඇලසේන් ඔවාටාරා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බදාදා පස්වරුවේ කූලිබාලිගේ මරණය සම්බන්ධයෙන් ජාතිය ශෝකයෙන් සිටින බවයි. එය ජනාධිපති මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී සුළු වේලාවකට පසුව සිදුවූ ක්ෂණික මරණයක් බවද කියැවෙයි.
වසර 30ක කාලයක් තුළ තමාගේ සමීපතම සගයා ලෙස ජනාධිපතිවරයා විසින් දිවියට සමුදුන් අගමැතිවරයා විස්තර කළේය.
එසේම 61 හැවිරිදි කූලිබාලි මේ වසරේ ඔක්තෝබර් මාසයේ පැවත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පාලක පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට තෝරාගෙන තිබුණු අතර, ඔහු මෑතකදී ප්‍රංශයේ මාස දෙකක කාලයක් සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා නැවතී සිට නැවත පැමිණ ඇති බවද එරටින් වාර්තා වෙයි.