කැනඩාවේ ආසන්න කාලයේදී සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙස පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවූ සමූහ පිහි ඇනුම් සිද්ධියේ එක් සැකකරුවෙකුගේ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියේ දෙවැනි සැකකරු වන ඔහුගේ සහෝදරයා තවමත් පළා යමින් සිටින බව පොලීසිය පවසයි.
බටහිර කැනඩාවේ සස්කැච්වන් පළාතේ ඉරිදා අලුයම පිහි ඇනුමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලැබීය.