කැනඩාවේ ලැව්ගින් 130කට අධික සංඛ්‍යාවක් පැතිර ගිහින්


කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා පළාතේ ලැව් ගිනි මැඬපැවැත්වීම සඳහා සටන් වදින ගිනි නිවන භටයින්ට උපකාර කිරීම සඳහා එරට රජය හමුදා ගුවන් යානාද යොදවා ඇති බව පවසයි.

ලිටන් නම් කුඩා නගරය ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, නගරයේ පදිංචිකරුවන් 250දෙනෙකු ඉවත් කරගැනීමට හැකිවී තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ සියලු දේපළ ගින්නෙන් විනාශ වී ගොස් ඇති අතර, මේ වනවිට කැනඩාව පුරා උණුසුම් වා දහරා සමග ලැව්ගිනි 130කට අධික ප්‍රමාණයක් පැතිර යමින් පවතින බව කියයි.



Recommended Articles