කැනඩාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණ හිටියි


ෆියෝනා සුළි කුණාටුව සෙනසුරාදා නැගෙනහිර කැනඩාවට කඩා වැදුනේ දැඩි සුළං සමග ගස් හා විදුලි රැහැන් කඩා දමමින් සහ වෙරළ තීරයේ බොහෝ නිවාස සාගරයේ සුන්බුන් ගොඩක් බවට පත් කරමිනි.

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (NHC) පැවසුවේ කුණාටුවේ කේන්ද්‍රය, දැන් ශාන්ත ලෝරන්ස් බොක්කෙහි පවතින බවය. කෙසේ වෙතත්, එහි බලය ක්‍රමයෙන් හීනවන නිසා සුළි කුණාටු සහ නිවර්තන කුණාටු අනතුරු ඇඟවීම් අවලංගු කරන ලදී.

4,067ක ජනගහනයක් සහිත නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි නිරිතදිග කෙළවරට කුණාටුවෙන් ප්‍රබල හානිගෙන දුන් අතර, නිවාස කිහිපයක් සහ මහල් ගොඩනැගිල්ලක් මුහුදට සේදී ගොස් තිබුණි.



Recommended Articles