කැනඩාවේ පිහි ඇණුම්වල දෙවැනි සැකකරුත් මරුට


කැනඩාවේ සති අන්ත පිහි ඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරු ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් මියගිය බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීමට පැය කිහිපයකට පෙර කැනඩා පොලිසිය පැවසුවේ සස්කැච්වන් පළාතේ ම්ලේච්ඡ පිහි ඇනුම සම්බන්ධයෙන් විත්තිකරුවන් දෙදෙනාගේ අවසන් සැකකරු සොයාගෙන අත්අඩංගුවට ගත් බවයි.

රාජකීය කැනේඩියානු පොලිසිය පවසන පරිදි, 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන්, ඉරිදා ඝාතන සිදු වූ ප්‍රදේශයට කිලෝමීටර් 100ක් නිරිත දෙසින්, රොස්දර්න් නගරය අසලදී අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධියේ අනෙක් සැකකරුවාද තමාගේ ශරීරයට සිදුකර ගත් ස්වයං තුවාල හේතුවෙන් මියගොස් සිටියදී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.



Recommended Articles