කැනඩාවට ඉහළින් ගිය හඳුනා නොගත් වස්තුවක් බිම හෙළයි


කැනඩා ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ඇතුළු වූ හඳුනා නොගත් වස්තුවක් ඇමෙරිකානු හමුදාවෙන් කළ ඉල්ලීමකින් බිම හෙලූ බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ පවසයි.

"කැනේඩියානු ගුවන් සීමාව උල්ලංඝනය කළ හඳුනා නොගත් වස්තුවක් බිම හෙළන ලෙස මා අණ කළා. නෝර්ඩ් විධානය විසින් යූකොන්වලට ඉහළදී එය බිම හෙළනු ලැබුවා." කැනඩා නායකයා කීවේය.

කැනේඩියානු සහ ඇමෙරිකානු ප්‍රහාරක යානා ඊට යොදා ගැනුණත්, ඇමෙරිකානු එෆ්-22ක යානයක් එල්ල කළ ප්‍රහාරයකින් එය බිම හෙලනු ලැබ ඇත.

සිලින්ඩරාකාර හැඩයකින් යුතු මෙම වස්තුව මීට පෙර ඇමෙරිකාවට ඉහළදී බිම හෙලූ චීන හඳුනා නොගත් වස්තුවට වඩා කුඩා බවත් සඳහන් වෙයි.



Recommended Articles