කැනඩාව චීනයේ එන්නත් ලබාගත් අයව පිළිගනියි


කැනඩාව සීනොෆාම්, සීනොවැක්, කොවැක්සින් කොවිඩ්-19 මර්දන එන්නත් සම්පූර්ණ මාත්‍රාවන් ලබාගත් සංචාරකයන්ට රටට ඇතුළු වීමට ඉඩ සලසන බව කියයි.

කැනේඩියානු රජය නිවේදනය කළේ සිනෝෆාම්, සිනොවැක් සහ කොවැක්සින් එන්නත් සමග සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලබාගත් සංචාරකයන්ට නොවැම්බර් 30 සිට කැනඩාවට ඇතුළු වීමට අවසර දෙන බවයි.

දැනට, කැනඩාව පිළිගන්නේ ෆසියර්-බයෝඑන්ටෙක්, මොඩෙර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ලබා ගත් සංචාරකයන් පමණි.



Recommended Articles